අඩි 5යි අඟල් 6යි, සිහින් සිරුර, රන් වරල හෝ
සාමාන්‍ය
උසැති,රන්වන් සිරුර, දිගු වරල
ලද්දී.
අඩි 5යි අඟල් 8ට වඩා උසැති
ශක්තිමත්
දේහයෙන් හෙබි පිරිමිකම.
වෙනත් විභේද
නැත්ද?
ඇඟිලි 9ක් හෝ 11කින් හෙබි
අඩි 4යි අඟල් 3ක් උසැති, අන්ධ,
ආබාධිත, කොර, ගොලු,
මොවුන්ගේ ඇති
රුව දකින්නට
වෙහෙස දරනා
අයවලුන් වෙද?
ඉවත දමනා හිස්
බඳුන් ලෙස
ඔවුනගේ රුව
විසික් කර ඇති
පිරිමි ඇස උන්
මතක නැති කර
ඉවතලන්නට
නොහැකි දෑ ලෙස
මෙලොව හංවඩු
ගසා ඇති කල
රුසිරු
යන්නෙහි අරුත කිමවෙද?
කතුවරියගේ I Picture the Mosaic ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහයේ “Beauty” නම් කවි පන්තියේ පරිවර්තනයකි
No comments:
Post a Comment