Friday, January 10, 2014

රුසිරු

අඩි 5යි අඟල් 6යි, සිහින් සිරුර, රන් වරල හෝ
සාමාන්‍ය උසැති,රන්වන් සිරුර, දිගු වරල ලද්දී.
අඩි 5යි අඟල් 8ට වඩා උසැති
ශක්තිමත් දේහයෙන් හෙබි පිරිමිකම.
වෙනත් විභේද නැත්ද?
ඇඟිලි 9ක් හෝ 11කින් හෙබි
අඩි 4යි අඟල් 3ක් උසැති, අන්ධ,
ආබාධිත, කොර, ගොලු,
මන්ද මානසික ඔහු හෝ ඇය?

මොවුන්ගේ ඇති රුව දකින්නට
වෙහෙස දරනා අයවලුන් වෙද?
ඉවත දමනා හිස් බඳුන් ලෙස
ඔවුනගේ රුව විසික් කර ඇති
පිරිමි ඇස උන් මතක නැති කර
ඉවතලන්නට නොහැකි දෑ ලෙස
මෙලොව හංවඩු ගසා ඇති කල

රුසිරු යන්නෙහි අරුත කිමවෙද?

කතුවරියගේ I Picture the Mosaic ඉංග්‍රීසි කාව්‍ය සංග්‍රහයේ “Beauty” නම් කවි පන්තියේ පරිවර්තනයකි

Thursday, December 12, 2013

දැනුත් ඔබ මා නොහඳුනයි නම්

දැනුත් ඔබ මා නොහඳුනයි නම්
සොඳුර යලි එය සිදු නොවේවි...

එක්ව පසු කල සියලු දේ මැද
දුටු විලස මා ඔබ දයාවියෙ
හැඳින යුතු නොවේද ඔබ මා?
හරි වැරදි දේ අතර ඇති ඒ
වෙනස මා හඳුනන නිසාවෙන්
කැදැල්ලේ රැඳි සතුට කෙලෙසන 
කිසිත් නොකරමි දිවි තුරාවට
රැයේ තුන්යම ගෙවුනු කල මා
නිවෙස වෙත පැමිණෙනා විටදී
එපා කැලඹුණු විලස සිටිනට
දබර කර කලබලව දඟලන
ළමුන් සේ හැසිරෙන්නේ ඇයි අප?

දැනුත් ඔබ මා නොහඳුනයි නම්
සොඳුර යලි එය සිදු නොවේවි...

හැමෝටම ඇති නොහොඹිණා ගති
මා පෙලයි, ඔබටත් එසේමය
නිසැක ලෙස ඔබ මා හදවතේ 
ලැගුම්ගෙන සිටිනා විලාසෙන්
දිවි ගෙවූ කාලයේ තරමට
මා කෙරේ සැක නැතිව හිඳිනට
අසීරුද සොඳුරියේ මෙපමණ?
හිතට දහිරිය ගන්න සොඳුරියෙ
නොහැකි නම් වෙන්ව යා යුතුමය
නෙතට නෙත හමුනොවන තැන ඇති
ආල අන්දරයේ ඵලය කිම?

දැනුත් ඔබ මා නොහඳුනයි නම්
සොඳුර යලි එය සිදු නොවේවි...

Simply Red ගායක කණ්ඩායමේ ‘If you don’t know me by now’ ගීතයේ පද වැල ඇසුරෙනි.

හැමවිට ඇය ගැහැණියකි මට




සිනහවෙන්ම ඔබව නසා
බැල්ම හෙලා ඔබ රිදවා
මුසා බස් දොඩා බිඳ ඔබ
අවැසි දේම පමණක් කී
ඈ දරුවෙක් මෙන් හැංගෙන
මුත් මට නම් ගැහැණියකි

ආදරයෙන් ගෙන යන්නත්
සමග රැඳී හැර යන්නත්
ඇත්තම ඉල්ලා සිටිමින්
ඔබ කී දේ නොපිලිගන්න
හපනෙකි ඈ සැමවිටමත්
නොමිලේ දෙන දේ ගන්නත්
චෞර රැජින සේ වන්නත්
ඈ හට හැකි නමුත් මෙමට
හැමවිට ඇය ගැහැණියකි

තමන් ගැනම සැලකිල්ලක්
දක්වන ඇය හිතුමතේට
නවතින්නට හෝ හැකි විට
කාලයටත් ඉදිරියෙනි
කිසිවක් කිසිවෙකු හට පිට
නොකරන ඇය කොයි විටකත්
අන් අයෙකුට නොදෙවෙනි වන
ලෙස තම සිත වෙනස් කරයි

දිවHqද්‍යානයට වඩා වැඩියෙන්
ඈ පොරොන්දු වී
සැලකිල්ලෙන් තොර ඔබ සිඳ
ලේ ගලනායුරු බල බල
සිනහ වෙවී සිටිනා මුත්
ඔබ තුල ඇති හොඳ මෙන්
ඔබ තුල නිදනා රකුසන් වුව
අවදි කරන ඇය සැමදා
ගැහැණියක්ම ලෙසින් මෙමට
පෙනෙන නිසා සොහොයුර එම
වැරදි වලට ඔබටම දොස්
පවරා ගනු කාරුණිකව

නිතරම ඇය කාරුණිකයි
එවිගස සැහැසිකම් දරයි
අල්ලේ නැටවෙන නොහැඩයි
තම හිතුමතයට වැඩකර
ඈ කිසිදා යම් දෙයකට
වැරදිකාරි කියා ඔබට
දඬුවම් කල නොහැකි හැඩයි
උපාධියද උපයා ඇති
ඈ හැකි හැම විටකදීම
අවඥා වදන් ඔබ වෙත
යොමු කරනාමුත් ඈ මට
සැමවිටකම ගැහැණියකි


බිලී ජෝඑල් ගායකයාගේ ‘She’s Always a Woman to Me’ ගීය ඇසුරෙන්

Sunday, December 8, 2013

Learning from the 'Symbolic Other' : reading Spielberg's filmatic representation of 'War Horse'

Spielberg’s filmatic adaptation of Michael Morpugo‘s novel War Horse is an emblematic representation of the immaculate atrocities of World War I. The impact of the film and its ability to touch our hearts is due to the undeniable, raw view point of the war and the emotions surrounding it from the perspective of Joey, the horse. Unsaid by humans, and generating from a beast, the catharsis and the purgation of emotions (quoting Aristotelian philosophy) have a larger emphasis on the message connoted on humans. The speculation of the ego of man in war and the reflection in the Lacanian ‘mirror stage’ is transmitted via Joey’s image. This image derives man his identification of his position in war and its dialectics. Hence, the Symbolic and the Real are fearfully synonymous in Joey, the horse. The realization of this truth outside what is obvious is a very Zizekian interpretation of Lacanian theory. For Zizek, the truth of ourselves lies outside ourselves in the Symbolic and the Real, rather than being buried deep within us. Hence, the power of a horse to generate the effect, and thanks to Spielbergian effects, the impact of the novel is immense.


The film and its story touch a fundamental Lacanian realization: that self-realization is impossible from within. It is Joey, who symbolically draws man towards the realization of the futility of war, by showing how he touches the souls of all who come in contact: the British, German and the French. Human boundaries are then shown to be translatable via the symbolic identity of a horse. Joey’s travels, hardships and encounters in the war, his attachment to his fellow horse (Topthorn) and his love for Albert, the young man who bred Joey to adulthood and whom he never forgets elevates Joey into an almost human-like status. The human emotions that are stirred through Joey’s life and the human capability of all the different owners through which he passes through destabilizes what was then known of the war and brings us to a realization of its Ideology from the perspective of what we actually do. This is Zizek’s basic presumption of Ideology; that it is actually a construct of what we do and not of what is already known. In the face of this innovative approach, Althusser’s Ideological State Apparatus of a subject as being always already identified, becomes a destabilized and archaic notion for us who live in a post-ideological era, and what matters is what we do, not what is already known. Hence, the appropriation of Zizek’s book title to read as ‘for they know not what they did’ in World War I remains an iconic realization of the self via Joey, the symbolic other.

Tuesday, November 26, 2013

The Cycle of Life

The rising sun- and it must set
and scours the dark to where it rises;
it has its ordained course to run,
and that it does with no surprises.

The winds will blow and sometimes roar
southwards, northwards, coursing free,
for this the cycle of all life
and who will call it mystery?

The streams will meet the snaking paths
of rivers racing to the sea,
a commingling of green and blue,
waves and ripples ever free.

This the cycle of all life,
and this the way ‘twill always be.
And we, the dwellers of the land
think we own eternity!

Do we pause to think our
ancestors breathed upon this terrain?
So will we be just forgotten
by our own coming generations.

This Earth, this Gala, will remain
while we will shout over lost terrain-
conflict, hatred, wars to fight,
exulting as the cities die.

Do we think of the cruel past?
The fall of empires, no lesson learn,
slaughtering our kind, we live
triumphant as the tropics burn.

And others will replace the dead
while souls forgotten anguished moan.
A life in cycles will go on,
the starving children, widows groan.

And what has been this history?
A tone of human misery?
What’s done will once again be done,

life’s cycle! not some sorcery!